පැතුම් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ තුනකට ICC යෙන් ලැබුණු අලුත් තැන්.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ අතර චරිත් අසලංක එම ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානය දක්වා ස්ථාන 2 කින් ඉදිරියට පැමිණ ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ජනිත් ලියනගේ ස්ථාන 118 ක් පසු කරමින් 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ තවමත් පසුවන්නේ පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තුන්වන සහ සිව්වන ස්ථාන පිළිවලින් ශුබ්මන් ගිල් , විරාට් කෝලි සහ රෝහිත් ෂර්මාට හිමිව තිබෙනවා.
