උඩින් ගියැයි කියන චෝදනාවට පාඨලීගෙන් පිළිතුරු...

Champika Ranawaka Sri Lanka
By Piyumika Dec 23, 2024 04:54 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු අමාත්‍යවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේදී විවිධ සංචාර සඳහා ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසු බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සහල් ආනයනය අත්හිටුවයි..රජයේ තීරණයෙන් පසු ක්‍රියාත්මකවීම්..

සහල් ආනයනය අත්හිටුවයි..රජයේ තීරණයෙන් පසු ක්‍රියාත්මකවීම්..

හිටපු අමාත්‍යවරයා සඳහන්කර සිටියේ තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරි අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබා ගෙන නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවක අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් ද සහභාගී කරගත් අවස්ථා තුනක දී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානා වලින් ගමන් ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පනතක් නිසා පළාත් පාලන ඡන්දයට බාධාවක්..

පනතක් නිසා පළාත් පාලන ඡන්දයට බාධාවක්..

තමන් අමාත්‍ය ධුර දරන සමයේ අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධ ආයතන කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් පරිපාලනය කළ අයුරු සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම සඳහා එම ආයතනවල අදාළ කාල සීමාවේ කාර්ය සාධනය පිළිබඳ තොරතුරු ද, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගෙන ප්‍රකාශයට පත් කරන ලෙසයි පාඨලී වම්පික රණවක වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

උඩින් ගියැයි කියන චෝදනාවට පාඨලීගෙන් පිළිතුරු... | Patali Responds To Allegations Of Using Aircraft

You may like this video

Gallery
ReeCha