පනතක් නිසා පළාත් පාලන ඡන්දයට බාධාවක්..

Report

පළාත් පාලන ඡන්ද විමසීම් පනත සංශෝධනය කරනතුරු එම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සදහන් කළේ, මැතිවරණ පනත සංශෝධනය කළ වහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවයි.

අද සිට හිටපු ජනපතිවරුන්ට මෙන්න මේ දේ නෑ ..

අද සිට හිටපු ජනපතිවරුන්ට මෙන්න මේ දේ නෑ ..

පළාත් පාලන මැතිවරණ පනත ලබන වසරේ ජනවාරි මාසය ඇතුළත සංශෝධනය කර දෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම පනත හැකි ඉක්මනින් සංශෝධනය කර දෙන්නැයි මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයෙන් පසුගිය දා ඉල්ලීමක් ද කළා.

එළඹෙන පළාත් පාලන ඡන්දෙට පොහොට්ටුව විශේෂ තීරණයක් ගනී..පොහොට්ටුවෙන් පැනපු අය ගැනත් සාකච්චාවක්..

එළඹෙන පළාත් පාලන ඡන්දෙට පොහොට්ටුව විශේෂ තීරණයක් ගනී..පොහොට්ටුවෙන් පැනපු අය ගැනත් සාකච්චාවක්..

පළාත් පාලන ආයතන සදහා මීට පෙර කැදවූ නාම යෝජනා අහෝසි කිරීමට ද රජය පසුගිය දා තීරණය කළ අතර, ඒ අනුව එම ආයතන වෙනුවෙන් නැවතත් නාමයෝජනා කැදවීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු වනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සදහා අපේක්ෂකයින් 80,000ක් පමණ ඉදිරිපත් වනු ඇතැයි ගණන් බලා ඇති අතර, මොවුන්ගෙන් වියදම් වාර්තා එපමණ ප්‍රමාණයක් කැදවීමට සිදු වන හෙයින් එය ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

You may like this video