ලොවට අවිහිංසාවාදී පණිවිඩය රැගත් සාම පා ගමන හෙට ඇරඹේ
රාජ්‍ය අනුග්‍රහය යටතේ හෙට (21) අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
සාම පා ගමන පංඥාකාර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත්, භික්ෂු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන අතර අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිවෘක්ෂයේ රෝපිත අංකුරයක් රැගෙන සිදු කිරීමට නියමිතව තිබේ.
මෙම ආධ්‍යාත්මික වැදගත්කමක් ඇති වැඩසටහන සදහා ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ශ්‍රී දළදා මාලිගාව, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් කටයුතු කර ඇත.
මෙම සාම පා ගමන අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය, සාම්ප්‍රදායික කලා හා කර්මාන්ත ප්‍රචාරය වීමක් අපේක්ෂාවයි. ත් හෙට (21) ප.ව. 3.00ට අනුරාධපුරය ජය ශ්‍රී මහ බෝධින්වහන්සේගේ රෝපිත අංකුරය සාම පා ගමන සිදු කරන භික්ෂූන් වහන්සේලා වෙත භාරදීම සිදු කෙරෙන අතර ප.ව. 4.00ට රුවන්වැලි සෑය අසල ආගමික වැඩසටහන පවත්වනු ලබයි.
අප්‍රේල් 22දා පෙ.ව. 6.30ට මාතලේ අලුවිහාරයෙන් ගමන් ආරම්භ කෙරෙන අතර අප්‍රේල් 23දා පෙ.ව. 7.00ට අලුවිහාරයෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන ශ්‍රී දළදා මාලිගාව දක්වා ගමන් ගැනීමට නියමිතයි.
ප.ව. 4.00ට මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ට ගරු කිරීම සහ දළදා වන්දනා වැඩසටහන සංවිධානය කොට තිබේ. අප්‍රේල් 24දා පෙ.ව. 6.45ට ශ්‍රී දළදා මාලිගාව සිට මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා පා ගමන සිදු කරනු ලබයි.
අප්‍රේල් 25 දා පෙ.ව. 6.30ට මාවනැල්ල බෙලිගම්මන සිට තොලංගමුව ජාතික පාසල දක්වා ගමන් ගැනීමට නියමිත තෙර අප්‍රේල් 26දා පෙ.ව. 6.00ට තොලංගමුව ජාතික පාසල සිට යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.
අප්‍රෙල් 27 දා පෙ.ව. 6.00ට යක්කළ අබේසේකරාරාමය සිට කැලණිය රාජ මහා විහාරය දක්වා ගමන් ගැනීමට සූදානම් වේ.
අප්‍රෙල් 28 දා පෙ.ව. 11.00ට පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සමග විශේෂ සංවාදයක්ද ප.ව. 4.00ට නිදහස් චතුරස්රයේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය උත්සවයක්ද පැවැත්වෙන අතර නැවත ප.ව. 5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00ට ගංගාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතය.
ප.ව. 7.30 – “We are the Design” වැඩසටහන ආරම්භ කරනු ලබයි ඒ වගේම මැයි 01දා උදෑසන සාම පා ගමනට පැමිණි භික්ෂුන් වහන්සේලා නැවත අමෙරිකාවට පිටත් වීමට නියමිතව ඇත .