විදුලි ගාස්තුව ගැන පාඨලීගෙන් රතු එළියක්
නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සදහන් කර තිබේ.
නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනයෙන් සිදුව ඇති අලාභය ද ජනතාවට දැරිම සිදුව ඇති බව ඔහු පෙන්වා දෙනු ලබයි.
පාඨලි චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තවද විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩි.ආර් අතුල මහතා සඳහන් කළේ ගල් අඟුරු වංචාවට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.