පාස්පෝට් කාර්යාලයේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (11) පෙරවරුවේ විදෙස් ගමන්බලපත්ර නිකුත් කිරීමට බාධා එල්ල වී ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසා සිටියේ, පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි