විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් විජිත හේරත් ගෙන් දැනුම්දීමක්..

By Aruna Oct 28, 2024 04:52 AM GMT
Report

අත්‍යවශ්‍යම කාරණාවකට හැර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෑත කාලයේදී විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ පසුගිය කාලයේ විදේශ ගමන් බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදය බවත් ඔහු අවධාරණය කළේ ය.

මහා පරිමාණ තක්කාලි වගාවකින් නොසිතූ දෙයක් මතුවෙයි..

මහා පරිමාණ තක්කාලි වගාවකින් නොසිතූ දෙයක් මතුවෙයි..


නව ක්‍රමයක් යටතේ විදේශ ගමන් බලපත්‍ර අත්‍යවශ්‍ය සියලුම පුද්ගලයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවත් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.