මේ පුද්ගලයින්ට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් නොකරන බවට දැනුම්දීමක්..

Report

පුද්ගල අනන්‍යතාව හඳුනාගත නොහැකි අපැහැදිලි ජාතික හැඳුනුම්පත් සඳහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් නොකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අනුව,ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබුනේ, දශක කිහිපයකට පෙර නිකුත් කර ඇති වර්තමානයේ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ජාතික හැඳුනුම්පත් සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයකින් ගුවන් ගමන් බලපත්‍ර සකස් නොකරන බවයි.

අද පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට පමණයි..

අද පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට පමණයි..


ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්කරුගේ අයැදුම්පත්‍රය, මාස හයකට වලංගු කාලයක පවතින වර්ණ ඡායාරූපය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු අතර බොහෝ අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන මෑතකදී ගත් වර්ණ ඡායාරූපයත්, ජාතික හැඳුනුම්පතත් අනුව ඒ අයැදුම්කරු නියම අයැදුම්කරු යැයි හඳුනාගත නොහැකි මට්ටමක පවතින බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අනුව,පාලක ජනරාල්වරයා කියා සිටියේ, එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප සහ අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට පළමුව ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත්, ඒ අනුව පැහැදිලි අනන්‍යතාවක් සහිත ජාතික හැඳුනුම්පතක් ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේදී ඉදිරිපත් කරන ලෙසයි.

ඔබත් මේ ලග්න වල නම් අද ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..

ඔබත් මේ ලග්න වල නම් අද ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..


එසේම පවතින ක්‍රමවේදයට අනුව ගුවන් ගමන් බලපත්‍රයක් වසර දහයකට වලංගු කෙරෙන අතර ඉදිරියේදී ආගමන විගමන පද්ධතිය නවිකරණය කිරීම තුළින් කල් පැන යන ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේදී අයදුම්පත පමණක් ලබා ගනිමින් බලපත්‍ර නිකුත් කරන බවද සඳහන් කළ ආගමන විගමන පාලක ජනරාල්වරයා පවතින ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ගේ ජාතික හැඳුනුම්පත්, ඡායාරූපය, උප්පැන්න සහතිකය ආදිය ස්කෑන් කර ආගමන විගමන පද්ධතියේ යාවත් කාලීන කෙරෙන බවයි වැඩිදුරටත් කියා සිටියේ.