චන්ද්‍රිකාත් යන්න බඩු පැක් කරයි [PHOTOS]
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීමට බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටින බව වාර්තා වේ.
පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත අනුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබු නිල නිවාසවලින් ඉවත් වීමට සිදු වුණා.
එසේ වුවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අසනීප තත්ත්වය හේතුවෙන් නිල නිවසින් ඉවත් වීමට ලබන නොවැම්බර් 30 දක්වා කල් ඉල්ලා තිබුණා.
එහෙත් මේ දිනවල හිටපු ජනපතිනිය නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරමින් සිටින බවත් ඉදිරි දින දෙක තුන ඇතුළත ඇය නිල නිවසින් ඉවත් වනු ඇති බවත් ඇයගේ මාධ්‍ය අංශය වාර්තා කරයි.

