ලබන 22 වන දා පාර්ලිමේන්තුව රැස් වෙයි...

Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ,ලබන 22 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි යි.

ඒ අනුව, පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්‍රයේ පළ ‍කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත

මහින්ද කුමාර වෙල්ගම බලන්න යයි...

මහින්ද කුමාර වෙල්ගම බලන්න යයි...

.

ඉන් අනතුරුව පෙරවරු 9.45 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත.

මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.