කථානායක නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - විපක්ෂ දරුණු ලෙස විරෝධයක
කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම මගින් සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඊට කථානායකවරයා ඉඩ ලබා නොදීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ අද (10) උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
කථානායකවරයාගේ එම පියවරට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ විරෝධතාවයක නිරත වූහ.
මෙම උණුසුම් වාතාවරණය මධ්‍යයේ, කථානායකවරයාට එරෙහිව පවතින අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් සකස් කරන ලද වරප්‍රසාද ප්රශ්නය දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තු සභාවට සභාගත කිරීමට පියවර ගන්නා ලදී.