නව රජයේ යටතේ පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි. - අද ඇතුලේ වෙන්න යන දේ මෙන්න. - (LIVE VEDIO)

Report

පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඔන්න එක්වරම රන් මිලත් සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ඔන්න එක්වරම රන් මිලත් සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිත අතර 10 වන පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ස්ථාපිත කිරීම ද අද සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.