පාර්ලිමේන්තුකටයුතු ආරම්භයේම බන්දුල ලාල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි. - අද සිදු වන්න යන විශේෂ සිදුවීම් මෙන්න. - (LIVE VIDEO)
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
අනතුරුව සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (21) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ්, මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව පුරප්පාඩුවන පුරවමින්.
එමෙන්ම පසුගිය 08 වනදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුයේ මේ අනුව අද පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි.
අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2366/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2387/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට මෙහිදී තීරණය වීය.
නතුරුව වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට ද නියමිතයි.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න 2ක් සඳහා කාලය වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.