පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

Election Commission of Sri Lanka Parliament Election 2024 Sri Lanka Parliament Election 2024
By Wayomi Nov 11, 2024 03:16 AM GMT
Wayomi

Wayomi

Report

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අවසන් කර තිබෙනවා.

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනේණම් ලිපි බෙදනු ලබන තැපැල් කාර්යාලය වෙතගොස් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකිය.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුවද 2024 ඡන්දහිමි නාම ලේඛනයේ නම සඳහන් වේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව සභාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත ,වලංගු විදේශ ගමන් බලපත්‍රය,වලංගු රියදුරු බලපත්‍රය ,රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත ,වැඩිහිටි හැඳුනුම්පත ,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූජ්‍ය හා පූජක හැඳුනුම්පත ,කාඩ් පත් නොමැති වීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය ,ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් හැඳුනුම්පත් ලෙස භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් එම හැඳුනුම්පත් කිසිවක් නොමැති පුද්ගලයන්ට මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකි අතර මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගෙ වම් අතෙහි දබර ඇගිල්ල සලකුණු කරන බව සභාපතිවරයා සඳහන් කරනවා.

සුලගිල්ල සහ මහපට ඇගිල්ල ජනාධිපතිවරණයේදී සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සලකුණු කිරීම ඊට හේතුව බව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ.

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද? - හිටපු ජනපති කිවූ කතාව. (VIDEO)

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද? - හිටපු ජනපති කිවූ කතාව. (VIDEO)

කටපාඩම් ක්‍රමය වැඩක් නෑ. - පාසල් විෂය නිර්දේශය ගැන තීන්දුවක් ?

කටපාඩම් ක්‍රමය වැඩක් නෑ. - පාසල් විෂය නිර්දේශය ගැන තීන්දුවක් ?

ReeCha