ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු පවරන්න තීරණය කරයි..පසු ගිය මැතිවරණයෙන් පසු සිදු වූ දේ.
පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි, එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ, මේ වන විට ඊට අදාළ කටයුතු සිදු වන බවත් ඒ ඒ පොලිස් ස්ථානවල නඩු ගොනු කිරීම් සිදු කරන බවයි.
You May Like This Video