මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..

Report

ජාතික ජන බලවේගය විසින් මෙවර පාර්ලිමේන්තුවට යවනු ලබන්නේ තම අපේක්ෂක ලැයිස්තුවන්හි මනාප අනුව තේරී පත්වන අය බව එම පක්‍ෂයේ මහනුවර කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

එය මැතිවරණය නීතිය බවත් මැතිවරණ නීතියට පරිබාහිරව කිසිවක් නොවන බවත් ඔහු අවධාරණය කළේ ය.

හෙතෙම මහනුවරදී මාධ්‍ය අමතමින් වැඩිදුරටත් කියා සිටියේ, මනාප ඉල්ලන්නේ නැතිව පක්‍ෂයට පමණක් ඡන්දය ඉල්ලුවේ ඉස්සර බවත්, වර්තමානයේ ජාතික ජන බලවේගය දැවැන්ත බහුජන පක්ෂයක් නිසා එසේ කටයුතු කළ නොහැකි බවයි.

අදත් පාසල් වැසෙයි?..විවෘත වෙයි ද?.අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම මෙන්න.

අදත් පාසල් වැසෙයි?..විවෘත වෙයි ද?.අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම මෙන්න.


මේ අතර, මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මුළු රටෙන්ම මන්ත්‍රී ධූර එකසිය විසි පහකට වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය විසින් බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් හදන බව තමන් කැට තියා ප්‍රකාශ කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික අනුරාධපුර මන්ත්‍රී ධූර අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පවසනවා.

පසුගිය විසි එක් වෙනිදා පැවැති ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව විසින් ඇති කළ නව දේශපාලන පරිවර්තනය පුනරුදයක ඇරඹුමට ශක්තිමත් කිරීමට සහ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ අති බහුතරයක බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද බල ප්‍රදේශ හතම ජයග්‍රහණය කොට ශක්තිමත් කණ්ඩායමක් යැවීමට ජනතාව සූදානමින් සිටින බවයි ඒ මහතා කියා සිටියේ.

අද මල්සරාගෙ හීසර පහර වදින ග්‍රහ යෝගයක්..තරුණ තරුණියන්ට සුබ ආරංචියක්.

අද මල්සරාගෙ හීසර පහර වදින ග්‍රහ යෝගයක්..තරුණ තරුණියන්ට සුබ ආරංචියක්.


අනුරාධපුදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා මේ බව සඳහන් කළා.