මාර්තු 31 සිට ආයේ මේක ඔන්ලයින් විතරයි කරන්න පුළුවන් - කඩදාසි පෝරම අවශ්‍ය නැහැ
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නිවේදනය කර ඇත්තේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම සඳහා 2026 වර්ෂයේ මාර්තු 31 දින සිට ඔන්ලයින් මගින් පමණක් සිදුකළ යුතු බවයි.
ඒ අනුව, මින් ඉදිරියට කඩදාසි පෝරම මගින් එම ප්‍රකාශ ලබා දීම අවශ්‍ය නොවන බවත් ඔන්ලයින් මගින් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (ciaboc.gov.lk) තුළින් පමණක් සිදුකළ යුතු බවත් කොමිසම සඳහන් කරයි.
මාර්ගගත ක්‍රමය මගින් අදාළ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය වෙත ප්‍රවේශ වීම සිදු කළ යුතුව ඇති අතර, වෙනත් කිසිදු ක්‍රමයක් හෝ දිගුවක් භාවිතයෙන් අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ යුතු බවද එම කොමිසම නිවේදනය කරයි.
මීට අමතරව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ස්ථාපිත කර, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේ වගකීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර ඒ අනුව, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 80 (1) වගන්තිය යටතේ අදාළ වන සියලු ම තැනැත්තන් විසින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම පනතේ 82 (1) වගන්තිය ප්‍රකාරව, පළමු පත්වීම් ප්‍රකාශය, වාර්ෂික ප්‍රකාශය, ධුර කාලය අවසානයේ දී හෝ විශ්‍රාම යාමේ දී සිදු කරනු ලබන ප්‍රකාශය, පශ්චාත් විශ්‍රාම ප්‍රකාශය, තක්සාය ප්‍රකාශය සහ මැතිවරණ ප්‍රකාශය ද මෙම මාර්ගගත පද්ධතිය මඟින් සිදු කළ යුතු බවද එම කොමිසම නිවේදනය කර ඇත.