රටම සලිත කළ 50වෙනි වෙඩිල්ල පානදුරින් ( video )

By Hashan May 29, 2025 05:59 AM GMT
Report

පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට අද ( 29 ) උදැසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.   

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීමක් සිදු කර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.   

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් එම ස්ථානයේ සේවකයෙකුගේ පිටපසට වෙඩි වැදී ඇති අතර ඔහුව පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇත.  වෙඩි වැදුණු එම පුද්ගලයා සුළු තුවාල වලට ලක් වී ඇති බවයි පොලීසිය පවසා සිටියේ. 

ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 49ක් වාර්තා වී ඇති අතර, මෙම වෙඩිතැබීම 50 වන සිදුවීම ලෙස වාර්තා වේ.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

  

වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.