පල්ලේගම හේමරත්න හිමි දරුවෙකු ලිංගික අපයෝජනය කළ චෝදනාවට මොකද වුණේ? නඩුවේ දැන් තත්ත්වය මෙන්න
බාලවයස්කාර දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට අදාළ නඩුවේ විමර්ශනය සම්බන්ධයෙන් හිටපු අටමස්ථානාධිකාරී පල්ලේගම හේමරත්න හිමියන් අධිකරණයේ පෙනී සිට ඇත.
උන්වහන්සේ අද (2026.08.21) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම අවස්ථාවේදී, පල්ලේගම හේමරත්න හිමියන් අධිකරණ පරිශ්‍රයට පැමිණි ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ ආරක්ෂක ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද තොරතුරුවලින් පෙනී යන්නේ පල්ලේගම හේමරත්න හිමියන් තම නීතිඥවරයාගේ මෝටර් රථයෙන් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වූ බවයි.
රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති
ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කරන ලද තර්ක මත පදනම්ව මැයි 08 වන දින උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලදී.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා සැකකරුට විදේශ ගමන් තහනමක් ද නියම කළේය. මේ අතර, සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දැරියගේ මව ද රක්ෂිත බන්ධනාගාරගත කිරීම විශේෂත්වයකි.