අල්ලපු රටෙනුත් යුද්ධයක් මතුවෙයිද? පාකිස්තානයෙන් ඉරානයට දරුණු අනතුරු ඇඟවීමක්

Report

යේමනයේ හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර පාලනය කරන ලෙස ඉරානයට පාකිස්තානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව සෞදි, පාකිස්තාන සහ ඉරාන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

හූති සටන්කාමීන් පසුගියදා සෞදි අරාබියේ Khamis Mushait ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට සහ ඒ ආසන්න නගරවල පිහිටි තෙල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් පුද්ගලයින් 73 දෙනෙකු තුවාල ලබා ඇත.

සෞදි අරාබියට දරුණු ප්‍රහාරයක් - සිවිල් වැසියන්ට බරපතල තුවාල - සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

සෞදි අරාබියට දරුණු ප්‍රහාරයක් - සිවිල් වැසියන්ට බරපතල තුවාල - සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය පැය 12 තුළ සෞදි ගුවන් හමුදාව යේමනයේ විවිධ පළාත්වලට ගුවන් ප්‍රහාර 54ක් එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක Yahya Saree සඳහන් කර ඇති බවයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරවලට "පිළිතුරු නොදී සිටින්නේ නැහැ" යනුවෙන් ඔහු අනතුරු අඟවා ඇති බවයි.

මෙම තත්ත්වය මැද පාකිස්තානයේ අනතුරු ඇඟවීම විශේෂ වැදගත්කමක් ගන්නේ සෞදි අරාබිය සහ තුර්කිය සමග පාකිස්තානයට පවතින ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් බව සඳහන්ය.

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif සඳහන් කර ඇත්තේ, සෞදි භූමියට එල්ල වන ප්‍රහාරයක් සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය සම්බන්ධ කරගත් ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට හේතු විය හැකි බවයි.

කෙසේ වෙතත්, පාකිස්තාන බලධාරීන් අවධාරණය කර ඇත්තේ, කිසියම් හමුදාමය මැදිහත්වීමක් සිදුවුවහොත් එය සෞදි භූමිය ආරක්ෂා කිරීම සඳහා පමණක් සීමා වනු ඇති බවයි.