ඉන්දියාව එපා කියූ පකිස්තානු සුපර් ලීගය

By Zara Apr 24, 2025 04:30 PM GMT
Report

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා ඇත.

කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා කරන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගනිමින් සිටින අතර, එහි තවත් දිගුවක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

පාකිස්තානයේ ප්‍රමුඛතම විස්සයි 20 ලීගය වන මෙම තරගාවලියේ මේ දක්වා පැවැත් වූ සියලුම තරග විකාශය කර තිබුණි.

කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට අයත් පහල්ගම් හිදී පෙරේදා (22) සිදු වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දියානුවන් 26 දෙනෙකු ඝාතනය කර තවත් 10 දෙනෙකුට තුවාල සිදු කළේය.

මෙම ප්‍රහාරය පාකිස්තානයේ අනුදැනුම ඇතිව සිදු වූ බවට ඉන්දියාව චෝදනා කරයි.

පාසල් තුනක සිසු සිසුවියන් ජනාධිපති මන්දිරය නරඹයි

පාසල් තුනක සිසු සිසුවියන් ජනාධිපති මන්දිරය නරඹයි

නෙවිල් සිල්වාට ඇප

නෙවිල් සිල්වාට ඇප