මේ අයට නිහඬ වීසා තහනමක් - මෙන්න හේතුව

By Ashfa Jul 30, 2026 07:59 AM GMT
Report

පාකිස්තානයේ ව්‍යාපාරික ප්‍රජාව පවසා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් පනවා ඇති බව කියන 'නිහඬ වීසා තහනමක්' හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බවයි.

ව්‍යාපාරික නායකයෝ වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙම තත්ත්වය නිසා ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර විශාල අපනයන අලාභයක් සිදුවෙමින් පවතින බවයි.

ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෙළෙඳුන් ඇතුළු පාකිස්තානුවන් සඳහා වීසා නිකුත් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අත්හිටුවා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා පවසයි.

රටටම වතුර සැපයුම නවතියිද? අමාත්‍ය සුසිල් රණසිංහගෙන් ජල සැපයුම ගැන විශේෂ ප්‍රකාශයක්

රටටම වතුර සැපයුම නවතියිද? අමාත්‍ය සුසිල් රණසිංහගෙන් ජල සැපයුම ගැන විශේෂ ප්‍රකාශයක්

කෙසේවෙතත්, නිල වශයෙන් එවැනි වීසා තහනමක් නොමැති බවත්, සියලු කාණ්ඩ යටතේ වීසා අයදුම්පත් සලකා බැලීම තවදුරටත් සිදුවන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

එහෙත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිල ප්‍රකාශ සහ බොහෝ පාකිස්තාන ව්‍යාපාරිකයන් මුහුණ දෙන ප්‍රායෝගික අත්දැකීම් අතර පැහැදිලි පරස්පරතාවයක් දක්නට ලැබෙන බව පාකිස්තාන වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු සභාපති ෂාහිඩ් අන්වර් පවසා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග දිගුකාලීන වාණිජ සබඳතා පවත්වන සහ ඩුබායි, සාජා මෙන්ම අබුඩාබි යන ප්‍රදේශවල දේපළ හිමිකාරිත්වය දරන පාකිස්තානුවන්ට පවා වීසා ලබා ගැනීමට නොහැකි වී ඇති බව තවත් ප්‍රමුඛ ව්‍යාපාරික නායකයෙකු සඳහන් කර ඇත.

රත්තරන් ගන්න සල්ලි එකතු කරාද? මෙන්න රන් සිහිනය සැබෑ කරගන්න හොඳම දවස - රටේ රන්මිල පහතට

රත්තරන් ගන්න සල්ලි එකතු කරාද? මෙන්න රන් සිහිනය සැබෑ කරගන්න හොඳම දවස - රටේ රන්මිල පහතට