වී අලෙවි මණ්ඩලයෙන් ගොවීන්ට විශේෂ දැනුම්දීමක් - වී මිලට ගත් ප්‍රමාණය හා මිල ගණන් ගැන දැනුම්දීමක්

Report

යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ නිල ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ ගෙවුණු දින 4ක කෙටි කාලය තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සමත්ව තිබේ.

පසුගිය 13 වැනිදා සිට 17 වැනිදා දක්වා වූ කාලය තුළ මෙම වී තොගය මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට දිවයිනේ විශාලතම වී අස්වැන්න මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මීට අමතරව මුලතිව්, කිලිනොච්චි, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු ඉහළ වී තොග ප්‍රමාණයක් රජය වෙත මිලදී ගෙන ඇත.

ෆොටෝ, වීඩියෝ ලීක් කරනවා කියා සල්ලි ඉල්ලනවාද? බය වෙන්න එපා වහාම මේ දේ කරන්න

ෆොටෝ, වීඩියෝ ලීක් කරනවා කියා සල්ලි ඉල්ලනවාද? බය වෙන්න එපා වහාම මේ දේ කරන්න

වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව ගබඩා විවෘත කරමින් ගොවීන්ට පහසු වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මෙවර යල කන්නය සඳහා වී මිලදී ගනු ලබන ස්ථාවර මිල ගණන් ද රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට ද, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට ද සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140ක් වැනි ඉහළ මිලකට ද ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගැනීමට තීරණය කර ඇත.

සුබ ආරංචියක් - රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගනියි දිවයින පුරා ස්ථානමාරු හදා ගන්නත් අවස්ථාව

සුබ ආරංචියක් - රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගනියි දිවයින පුරා ස්ථානමාරු හදා ගන්නත් අවස්ථාව

දැනට දිවයින පුරා ස්ථාන 143ක පිහිටි වී ගබඩා මධ්‍යස්ථාන සක්‍රිය කරමින් මෙම වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.