ෆොටෝ, වීඩියෝ ලීක් කරනවා කියා සල්ලි ඉල්ලනවාද? බය වෙන්න එපා වහාම මේ දේ කරන්න

Report

 ඔබගේ පුද්ගලික ඡායාරූප, වීඩියෝ, හෝ තොරතුරු අන්තර්ජාලයට නිකුත් කරන බවට තර්ජනය කරමින් මුදල්, පුද්ගලික තොරතුරු, හෝ වෙනත් ඉල්ලීම් කරනවාද?

එසේ නම්, එය Cyber Blackmail හෝ Online Sextortion වැනි සයිබර් අපරාධයක් විය හැක.

එවැනි අවස්ථාවක: තර්ජනයට බිය වී මුදල් හෝ වෙනත් ඉල්ලීම් ඉටු නොකරන්න. Blackmail කරන පුද්ගලයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමෙන් වළකින්න.

සියලුම පණිවිඩ, ඡායාරූප, ගෙවීම් ඉල්ලීම් සහ ගිණුම් තොරතුරු Screenshot ලෙස හෝ වෙනත් ආකාරයකින් සාක්ෂි ලෙස සුරකින්න. ඔබ භාවිත කරන ගිණුම්වල මුරපද වහාම වෙනස් කර Two-Factor Authentication (2FA) සක්‍රීය කරන්න.

සිද්ධිය ශ්‍රී ලංකාවේ අදාළ නීති ක්‍රියාත්මක කරන ආයතන හෝ  සයිබර් අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා කරන්න.

සුබ ආරංචියක් - රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගනියි දිවයින පුරා ස්ථානමාරු හදා ගන්නත් අවස්ථාව

සුබ ආරංචියක් - රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගනියි දිවයින පුරා ස්ථානමාරු හදා ගන්නත් අවස්ථාව

මතක තබා ගන්න—Blackmail කිරීම අපරාධයකි. නිවැරදි පියවර ගෙන කඩිනමින් සහාය ලබාගැනීමෙන් ඔබට සහ ඔබගේ තොරතුරුවලට වඩා හොඳ ආරක්ෂාවක් ලබාගත හැක.

ඒ වගේම එවැනි අවස්ථාවක ළමා හා කාන්තා කාර්යාන්සයේ 109 දුරකතන අංකයට කතා කර   උපදෙස් ලබා ගන්නා ලෙස  පොලීසිය විසින් දැනුවත් කර තිබේ.