කාලගුණය උඩු යටිකුරු වෙයි - දැඩි උණුසුමෙන් පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට

Report

ඇදහැලෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක 4 ක පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා ප්‍රකාශ කළේ, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 17 ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි.

අද මේ දිස්ත්‍රික් සියල්ලටම අවදානමක් - සියලුම පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්

අද මේ දිස්ත්‍රික් සියල්ලටම අවදානමක් - සියලුම පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්

ඒ අනුව සමස්තයක් ලෙස පවුල් 21,873 කට අයත් පුද්ගලයින් 68,041 දෙනෙකුට මෙම වියළි කාලගුණයෙන් ඍජු බලපෑම් එල්ල වී තිබේ.

පවතින දැඩි පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් 3,495 කට අයත් පුද්ගලයින් 12,291 දෙනෙකු සඳහා අවශ්‍ය පානීය ජලය බව්සර් රථ මඟින් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ප්‍රගීත් දනන්සූරිය මහතා සඳහන් කළේය.

ළමයින් සේවයේ යෙදවීමේ පනත් සංශෝධනයට - වැරදි සඳහා දඩ මුදල් ලක්ෂය දක්වා ඉහළට

ළමයින් සේවයේ යෙදවීමේ පනත් සංශෝධනයට - වැරදි සඳහා දඩ මුදල් ලක්ෂය දක්වා ඉහළට

එමෙන්ම පීඩවට පත් ජනතාව සඳහා අවශ්‍ය සහන සැලසීමේ කටයුතු පළාත් පාලන බලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් අඛණ්ඩව සංවිධානය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.