2026දී පොලිස් නිලධාරීන් 6,000කට වැඩි පිරිසකට උසස්වීම් - ඇමති ආනන්ද විජේපාල

Report

පොලිසියේ 6,000කට වැඩි නිලධාරීන් පිරිසකට 2026 වසරේදී උසස්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා අනීතිකව කටයුතු කළ පොලිස් නිලධාරීන් 310 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහියංගනය පොලිස් කොට්ඨාසයේ දිවුලපැලැස්ස පොලිස් ස්ථානය සඳහා ඉදිකළ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවය අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක්ව සිටියේය. මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින් හමුවූ අමාත්‍යවරයා, පොලිස් නිලධාරීන්ට ලබාදෙන උසස්වීම් පිළිබඳව ද මෙහිදී අදහස් පළ කළේය.

එමෙන්ම, පොලිස් නිලධාරීන්ගේ හා මහජනතාවගේ ගැටළු දැනුම්දීම සඳහා ලබන සතියේදී විශේෂ වට්ස්ඇප් දුරකථන අංකයක් හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම අවස්ථාවේදී පැවසීය.

සබන් සහ ෂැම්පු SLS සහතිකය අනිවාර්ය කිරීම තව කල් යයි

සබන් සහ ෂැම්පු SLS සහතිකය අනිවාර්ය කිරීම තව කල් යයි

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න