සියල්ල ක්ෂණයෙන් උඩුයටිකුරු කරමින් දරුණු අනතුරක් - 500කට අධික පිරිසක් මරුට

Report

මියන්මාරය ආසන්න මුහුදේදී සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී යාමෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට දැඩි සැකයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය එක්ව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක දැක්වෙන්නේ, මූලික තොරතුරුවලට අනුව මෙම අනතුරට ලක්වූ යාත්‍රා දෙක ජුනි මස අගභාගයේදී මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයෙන් පිටත්ව ගොස් ඇති බවයි.

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

මෙම විපතට පත් යාත්‍රාවල ගමන් කර ඇත්තේ බහුතරයක් රෝහින්ග්‍යා ජනවාර්ගිකයන් වන අතර, ඒ අතර බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල රැඳී සිටි පිරිසක් ද සිට ඇති බව අනාවරණය වී තිබේ.

වඩාත් ආරක්ෂිත සහ යහපත් ජීවිතයක් සොයා මුහුදු මාර්ගයෙන් අනතුරුදායක ගමනක නිරත වූ මෙම සරණාගතයින් පිරිස මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් මෙලෙස ඛේදවාචකයකට මුහුණ දී ඇති අතර, අදාළ ජාත්‍යන්තර සංවිධාන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සහ සහන සේවා සම්බන්ධීකරණය කරමින් සිටී.

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට