පොලිස්පතිගෙන් සුබ ආරංචියක් - පොලිස් නිලධාරීන් 4,500කට අධික උසස්වීම්
මත්ද්‍රව්‍ය හා අවි ආයුධ විශාල ප්‍රමාණයක් 2024 වසරට සාපෙක්ෂව 2025 වසරේදී සොයා ගැනීමට හැකිවූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය සියයට 60 කින් 2025 වසරේදී වර්ධනය කර ගැනීමට හැකි වී ඇති බව ඔහු සඳහන් කළා.
පොලිස්පතිවරයා මෙම අදහස් දක්වා සිටියේ හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී අවි ආයුධ වැටලීම් දෙගුණයකින් වැඩි වී ඇති අතර, මත්ද්‍රව්‍ය වැටලීම් තුන්ගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එය ශ්‍රී ලංකා පොලීසියේ ඉතිහාසයේ වාර්තාගත ඉහළ මට්ටමක් බවද ඔහු පැවසුවා. එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව අඩුවී තිබුණද, නිරන්තර අධීක්ෂණය, නිලධාරීන්ගේ කැපවීම, සහ ඔවුන් කරන රාජකාරි නිසි ලෙස ඇගයීම නිසා පොලිස් සේවයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව ද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.
මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීම සහ වෙනත් අපරාධ විමර්ශන කටයුතුද සියයට 60 දක්වා වර්ධනය වී ඇති බවත්, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මඟින් දිගුකාලීනව පැවති නිලධාරීන්ගේ ගැටලු විසඳා, 4,500කට අධික උසස්වීම් ලබාදීමට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.