ස්පාඤ්ඤයේ උණුසුම ඉහළට - මරණ 1,000 ඉක්මවයි

Report

යුරෝපා කලාපය වෙලාගෙන ඇති දරුණු ඌෂ්ණාධික දේශගුණය හේතුවෙන්, ගෙවුණු ජුනි මාසය තුළ පමණක් ස්පාඤ්ඤයෙන් උණුසුම ආශ්‍රිත මරණ දහසකට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි.

ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම දරුණු තාප තරංගය නිසා ඇතිවූ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පුද්ගලයන් 1,028 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙය මීට පෙර 2017 වසරේ ජුනි මාසයේදී වාර්තා වූ මරණ 1,000 සීමාවද පසුකර යාමකි.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා ඒජන්සිය (AEMET) ප්‍රකාශ කරන්නේ, 1961 වසරේ සිට එරට දේශගුණික දත්ත නිරීක්ෂණය ඇරඹූ දා සිට ස්පාඤ්ඤය මුහුණදුන් දෙවැනියට වඩාත්ම උණුසුම්ම ජුනි මාසය මෙය ලෙස සටහන් වන බවයි.

මෙම කාලගුණ ව්‍යසනයෙන් ජීවිත අහිමි වූවන්ගෙන් බහුතරයක් වයෝවෘද්ධ පුරවැසියන් වීම කනගාටුවට කරුණකි. නිල දත්ත පෙන්වා දෙන පරිදි, මියගිය පිරිසෙන් 1,022 දෙනෙකුම වයස අවුරුදු 65 ඉක්මවූවන් වන අතර, ඉන් මරණ 720ක්ම වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 85 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙනි.

සුනඛයින් ඇති කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - රජයෙන් නව නීතියක්

සුනඛයින් ඇති කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - රජයෙන් නව නීතියක්

මීට අමතරව, වයස අවුරුදු 15ට අඩු එක් දරුවෙකුද මෙම උදම් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.