ආන්දෝලනාත්මක සා.පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්වරයා කියන දෙය..

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education Latest Headlines Decision Making
By krishani May 10, 2024 02:00 PM GMT
krishani

krishani

Report

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ආන්දෝලනාත්මක සා.පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්වරයා කියන දෙය.. | Outgoing Papers Of Ordinary Level Examination

ඒ සා.පෙළ විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බව ද සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට ලැබී ඇති කරුණු මත විභාගයට පෙර සංසරණය වීමක් පිළිබඳ වාර්තා නොවන බව සඳහන් කළේ ය.

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙලා - වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න..

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙලා - වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න..


වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"දැනට තියෙන කරුණු අනුව කිසිදු තැනක විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක් හෝ සංසරණය වීමක් වාර්තා වෙන්නේ නෑ.

මේ සිදුවීම් සිද්ධවෙන අවස්ථාවේ දී මේ අපේක්ෂකයින් සියලු දෙනා විභාගය ලියමින් සිට ඇති අතර, ඒ වනවිට පැයකට වැඩි කාලයක් ගත වූවාට පසුව තමා මේ සිද්ධි තුනම වාර්තා වෙන්නේ.

එතකොට ඒක ප්‍රශ්න පත්‍ර පිටවීමක් ලෙස සලකන්න බෑ. විභාග පනතේ හැටියටත් ප්‍රශ්න පත්‍රයක රහස්‍ය ලේඛනයක් ලෙස සලකනු ලබන්නේ විභාගය ආරම්භ වී පැය භාගයක් යන තුරු.

මොකද ඒ පැය භාගය ගත වුණාට පස්සේ අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න අවසරයක් නෑ.

මෙතනදි පරිභාහිර පුද්ගලයින්ට ප්‍රශ්නපත්‍රය යන්න පුළුවන්කමක් නෑ. අපේක්ෂකයින්ට ඒ තුළින් විශේෂ වාසියක් ලබාගන්න පුළුවන්කමක් නෑ.

මේ කොළඹ ඇතිවුණ සිද්ධි දෙකේදීම අනාවරණය කරගන්න පුළුවන් වුණා ඒ අපේක්ෂකයින්ට ඒ වංචනික ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන් කමක් ලැබුණේ නෑ.

මෙවැනි සිද්ධි ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන් ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කරලා තියෙනවා.

ඒ වගේම අධීක්ෂණය ශක්තිමත් කරලා තියෙනවා." යනුවෙන් ය.