සුප්‍රකට නිළි සමන්තා ජීවිතයෙන් සමුගනී - මරණයට හේතුව දුවගේ කටින් [PHOTOS]

By Kaushi Oct 23, 2025 07:34 AM GMT
Report

ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනියක් වන සමන්තා එග්ගාර් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව මියයන විට ඇය 86 හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය ඉකුත්දා කැලිෆෝනියාවේ ෂර්මන් ඕක්ස් හි පිහිටි සිය නිවසේදී මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි.

එසේම ඇයගේ දියණිය වන ජෙන්නා ස්ටර්න් විසින් මීට වසර 22කට පෙර ඇය හඳුනා ගත් නිදන්ගත ලිම්ෆොසයිටික් ලියුකේමියාව (chronic lymphocytic leukemia) රෝගී තත්ත්වය මෙසේ ඇයගේ අභාවයට හේතු වූ බව පවසා ඇත.

සුප්‍රකට නිළි සමන්තා ජීවිතයෙන් සමුගනී - මරණයට හේතුව දුවගේ කටින්  | Oscar Nominee Samantha Eggar Dies

අනේ මගේ රන්කඳ..මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ - වැලිගම සභාපතිගේ දේහය ඉදිරියේ සංවේදී දසුනක්

අනේ මගේ රන්කඳ..මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ - වැලිගම සභාපතිගේ දේහය ඉදිරියේ සංවේදී දසුනක්

සමන්තා එග්ගාර්ගේ සිනමා දිවිය 1960 දශකයේ සිට 1990 දශකය දක්වා දිවෙන අතර ඇය විවිධ චරිත ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත.

එමෙන්ම "The Collector" නම් වූ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයේ ඇය විසින් රඟපෑ තරුණ ශිෂ්‍යාවගේ භූමිකාව වෙනුවෙන් ඇය ඔස්කාර් සම්මාන නිර්දේශයක් හිමිව තිබුණා.

සුප්‍රකට නිළි සමන්තා ජීවිතයෙන් සමුගනී - මරණයට හේතුව දුවගේ කටින්  | Oscar Nominee Samantha Eggar Dies

මේ අතර ඇය "The Collector" චිත්‍රපටයට (1965) රංගනයෙන් දායක වීමට පෙර වේදිකා නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක ද පෙනී සිට තිබෙන බව සඳහන්.

එසේම "Doctor Dolittle" (1967), "Walk, Don't Run", "The Molly Maguires" සහ "The Walking Stick" යන චිත්‍රපටවලට ද ඇය රංගනයෙන් දායක වී ඇත.

15 හැවිරිදි දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - හේතුව මෙන්න

15 හැවිරිදි දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - හේතුව මෙන්න

රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම

රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම

සුප්‍රකට නිළි සමන්තා ජීවිතයෙන් සමුගනී - මරණයට හේතුව දුවගේ කටින්  | Oscar Nominee Samantha Eggar Dies