නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු නැවත අධිකරණයට ඉදිරිපත් කරන්න විවෘත වරෙන්තුවක්..

Report

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝගයක් නිකුත් කළේය.

අනේ එයත් පොඩි දරුවෙක් මොන හිතකින් මෙහෙම දෙයක් කලාද..(PHOTO)

අනේ එයත් පොඩි දරුවෙක් මොන හිතකින් මෙහෙම දෙයක් කලාද..(PHOTO)

ඒ, 2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බලරහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී බව නිසා සිදුවූ භයානක අනතුර.. (PHOTO)

ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී බව නිසා සිදුවූ භයානක අනතුර.. (PHOTO)

මෙම අභියාචනා පෙත්සම් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදි.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර යන විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය මගහැර විදෙස් රටවලට පළා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.