මන්ත්රී දිලිත් ජයවීරගේ රිට් පෙත්සම ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බලයි
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් නියෝගය සැප්තැම්බර් 30 වනදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (18) දැනුම් දුන්නේය.
අදාළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදුකර තිබේ.
පෙත්සම මගින් දිලිත් ජයවීර මහතා ඉල්ලා ඇත්තේ, අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය නියෝගය ප්රකාශයට පත් කිරීම සඳහා දිනය නියම කර ඇත.
ඒ අනුව, මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීරණය ලබන සැප්තැම්බර් 30 වනදා ප්රකාශයට පත් කිරීමට නියමිතය.