දේශබන්දු හැර සෙසු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස CIDයට උපදෙස්

Report

මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ නියෝගයට එරෙහිව, පොලිස්පති ධූරයේ රාජකාරි අත්හිටවූ දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති අතර, එම අත්අඩංගුව වළක්වාලන ලෙස ඉල්ලා ඇත.

අභියාචනාධිකරණය විසින් මෙම පෙත්සම සලකා බැලීමෙන් පසු හෙට (17) තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මහින්දගෙයි අනුරගෙයි මාධ්‍ය ප්‍රකාශකයින් ගැටේ - මිලියන 600ක වන්දි ඉල්ලයි! VIDEO UPDATED

මහින්දගෙයි අනුරගෙයි මාධ්‍ය ප්‍රකාශකයින් ගැටේ - මිලියන 600ක වන්දි ඉල්ලයි! VIDEO UPDATED

එසේම, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 06 දෙනා ද තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇති කරගත් එකඟතාවයකට අනුව, මූලික විමර්ශන අවසන් වන තුරු මෙම සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පසු ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් මඟින් පවසයි.

විදුලි ගාස්තු අප්‍රේල් මස 40% ක් දක්වා ඉහළට!

විදුලි ගාස්තු අප්‍රේල් මස 40% ක් දක්වා ඉහළට!

මෙම රිට් පෙත්සම 2025 මාර්තු 21 වැනිදා අභියාචනාධිකරණයේ කැඳවීමට නියමිතය.

මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර, දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.