විපක්ෂයේ මහා ජන හඬ අද නුගේගොඩදී
විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ''මහා ජන හඬ'' මහ රැළිය අද දින (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම්, ඒ සඳහා දේශපාලන පක්ෂ රැසක නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වන බව ප්රකාශ කළා.
එබැවින් අද පස්වරුවේ විපක්ෂයේ නායකයන්, නියෝජිතයන්, ප්රභූන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.
එසේම මේ සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සහභාගී වන බව සඳහන්.
කෙසේ වෙතත් ශබ්ද විකාශන යන්ත්ර භාවිත කිරීමේදී නියමිත බලපත්ර කොන්දේසි මත කටයුතු කරන ලෙසට පොලීසිය බලපත්ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා ඇත.