විපක්ෂයේ නිමාවක් නැති ජාතික ලැයිස්තූ බල පොරය..

Parliament of Sri Lanka New Democratic Front SJB Srilanka Muslim Congress Sri Lanka
By Piyumika Nov 20, 2024 03:47 AM GMT
Piyumika

Piyumika

Report

 සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සදහා පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ නම ගැසට් කර තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 05 ක් හිමි වුණා.

රු කෝටි 7 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු..

රු කෝටි 7 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු..

ඒ අනුව තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සදහා ඉමිතියාස් බාකීර් මාකර්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පිරීස්, සුජීව සේනසිංහ සහ මනෝ ගනේෂන් යන අයගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් කොංග්‍රසය ද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකුත් නම් කර නැහැ.

උපකුලපතිවරයා සේවයෙන් ඉවත්කරන තුරු රුහුණු සරසවියේ වර්ජනය අඛණ්ඩව..

උපකුලපතිවරයා සේවයෙන් ඉවත්කරන තුරු රුහුණු සරසවියේ වර්ජනය අඛණ්ඩව..

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇති දෙවැනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද අවසන් තීන්දුවක් ගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි ඔහුගේ දේශපාලන කාර්යාලයේදී පක්ෂ නායකයින් රැස්වූ අතර එහිදී හවුල්කාර පක්ෂවල කිසිදු අනුමැතියකින් තොර රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මහ දවල් මැද්දේ මොකක්ද මේ තුවායක් ඇඳගෙන නටන නැටුම ..සියලු පිරිමින්ට සුභත් පතලා ..(VIDEO)

මහ දවල් මැද්දේ මොකක්ද මේ තුවායක් ඇඳගෙන නටන නැටුම ..සියලු පිරිමින්ට සුභත් පතලා ..(VIDEO)

මෙවන් පසුබිමක බත්තරමුල්ල - රජමල්වත්ත පාරේ පිහිටි හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය ඊයේ පියවර ගෙන තිබුණා.

මේ අතර එම පෙරමුණට හිමි අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු මන්ත්‍රීවරුන් වන ෆයිසර් මුස්තාෆා, නිමල් ලන්සා සහ ඒ.එල්.එම්. අතාවුල්ලාගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ

ReeCha