රු කෝටි 7 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු..

Report

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදුකළ මෙහෙමකින් පසුව අදාළ සැකකරු ඊයේ (19) දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු අවසරයෙන් යුක්‍රේනය පළමූ ප්‍රහාරය දියත් කරයි..(VIDEO)

ලැබුණු අවසරයෙන් යුක්‍රේනය පළමූ ප්‍රහාරය දියත් කරයි..(VIDEO)

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291ක මුදලක් ද සොයා ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වූ තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ උදෑසන මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් සහිත මලු කිහිපයක්ද රැගෙනය.

අසාද් මවුලානා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් පිල්ලයාන් අද CIDයට..(VIDEO)

අසාද් මවුලානා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් පිල්ලයාන් අද CIDයට..(VIDEO)

බැංකුව අසලට පැමිණි පසු රියදුරුවරයා පමණක් වෑන් රථයේ සිටියදී සෙසු පිරිස ඉන් බැස ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

ඒ වනවිට වෑන් රථයේ රුපියල් හත් කෝටි 13 ලක්ෂ 27,296ක මුදලක් තිබී ඇති අතර රියදුරුවරයා අදාළ මුදලද රැගෙන එම රථයෙන්ම පළාගොස් තිබුණි.

අනතුරුව ඔහු වෑන් රථය ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ අතහැරදමා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පළාගොස් ඇති අතර එය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

Gallery