දරුවෝ දෙන්නා පාසලට ඇරලවා එන මඟ දේශපාලන ලොක්කෙකුට තියුණු ප්‍රහාරයක් - රෝහලේ
මහව විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර නිලවරණයට පොදු විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව තුවාල ලැබූ ඔහු මේ වනවිට මහව ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
එසේම ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කළේ පහරදීම පිටුපස දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බවයි.
කෙසේ වෙතත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මහව විවිධ සේවා සමූපකාර සමිතියේ පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ චානක උදයකුමාර නමැත්තාට මහව තිස්නම්පළගම ප්‍රදේශයේදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණේ ඊයේ දින උදෑසන 8.30ට පමණ බව වාර්තා වේ.
ඒ අනුව චානක උදය කුමාර නමැත්තා මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ සිය දරුවන් දෙදෙනා පාසැලට ඇරලවා ආපසු නිවස බලා එමින් සිටියදී බව සඳහන්.
ජාතික ජන බලවේගයට බලය හිමි මහව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය ඉකුත් ජනවාරි 31 වැනිදා පැවැත් විය. එහිදී චානක උදයකුමාර එම නිලවරණයට පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ වැදුණු අතර නිලවරණය අතරතුර නාගොල්ලාගම ඡන්ද මධ්‍යස්ථානයකදී මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් සහ පොදු විපක්ෂයේ පොදු අපේක්ෂක චානක උදයකුමාර අතර බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදීමක්ද සිදුව ඇති බව වාර්තා වේ.
එහිදී චානක උදයකුමාර විසින් මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදී ඇති අතර, තුවාල ලැබූ සභාපතිවරයා රෝහල්ගතවීමත් සමඟ සමූපකාර සමිතියේ පොදු අපේක්ෂකයා වූ චානක උදයකුමාර පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබුණා.
කෙසේ වුවද මහව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් පොදු විපක්ෂයට ජයග්‍රහණය හිමිවූ අතර ඡන්ද ප්‍රතිඵල දැක්වුණේ පොදු විපක්ෂයට ඡන්ද 82ක් සහ ජාතික ජන බලවේගයට ඡන්ද 18ක් වශයෙන්. එවැනි තත්ත්වයක නිලවරණයට ඉදිරිපත් වූ පොදු අපේක්ෂක චානක උදයකුමාර නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකට ලක්ව ඇති බව සඳහන්.
එසේම තුවාල ලැබූ චානක උදයකුමාර ප්‍රතිකාර සඳහා මහව ප්‍රදේශිය රෝහලට ඇතුළත් කර ඇත. මේ අතර පොලීසිය මඟින් මෙම සිද්ධියට අදාළව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවට ද වාර්තා වේ.