විපක්ෂයේ අවසන් තීන්දුව මෙන්න
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය සහ අනෙකුත් විපක්ෂ පක්ෂවලට සභාපති, උප සභාපති ඇතුළු ප්‍රධාන තනතුරු බෙදාදීමේ ආකාරයෙන් විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුව ඊයේ (27) තීරණයකට පත්වී ඇත.
මෙම තීරණය ගත්යේ, පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට කැඳවූ සජබ කළමනාකරණ කමිටු රැස්වීමේදීය.
එහිදී සාමූහික එකඟතාවයකින් මෙම තීරණය ගන්නා ලද බව රැස්වීමට සහභාගී වූ සජබ ජ්‍යෙෂ්ඨයකු "දිවයින" පුවත්පතට පැවසීය. මීට අමතරව, විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය සහ අනෙකුත් පක්ෂ සමඟ සමගියෙන් හා එකඟත්වයෙන් ක්‍රියාත්මක වන බවත්, විපක්ෂයට බහුතරය හිමි පළාත් සභාවල බලය පිහිටුවීමේදී එම දැක්මට අනුගත වන බවත් ඔහු සඳහන් කළේය.
