රට පුරා අද විවෘත කරන පාසල් සහ වසා තැබෙන පාසල් මෙන්න..

Ministry of Education Western Province Weather Sri Lankan Schools Education
By Aruna Jun 05, 2024 12:51 AM GMT
Aruna

Aruna

Report

ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී ඇත්තේ, න පහව ගොස් ඇති ප්‍රදේශවල පාසල් නැවත ආරම්භ කර සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන ලෙසයි.

මේ අතර, අද (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

එසේම නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

එසේම සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ, අද දිනයෙන් පසුව ඇතිවන කාලගුණ තත්ත්වය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවයි.

Gallery