Chat-GPT ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ සුචිර්ගේ මරණය ගැන අලුත්ම අනාවරණය .- අවසානයේ ඊලෝන් මස්ක් කියපු දේ මෙන්න. - (VIDEO)

By Wayomi Dec 15, 2024 09:19 AM GMT
Report

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන් නිර්මාණය කරන open AI සමාගමේ අකටයුතුකම් පිළිබඳ අනාවරණය කළ පර්යේෂකයෙකු වන සුචිර් බලාජීගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් බව, ආරක්ෂක අංශ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 26 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහල් නිවාස සංකීර්ණයේ තිබියදී, ඔහුගේ මළ සිරුර සොයා ගැනුනා.

open AI සමාගමේ පර්යේෂකයෙකු ලෙස, ඔහු කළක් කටයුතු කළ අතර ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන බලාජීගේ වයස, අවුරුදු 26 ක්.

open AI සමාගම නිර්මාණය කළ Chat - GPT සම්බන්ධයෙන් මීට මාස තුනකට පෙර ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

ඔහු පැවසුවේ, Chat - GPT නිර්මාණය කිරීමේදී open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවයි.

එමෙන්ම ඒ හරහා අදාළ සමාගම, ඩොලර් මිලියන 150 කට වැඩි වටිනාකමක් වර්ධනය කරගෙන ඇති බව, මාධ්‍යවේදීන්, පර්යේෂකයින් සහ ලේඛකයින් ද, අනාවරණය කළ අතර ඒ සම්බන්ධයෙන් open AI සමාගමට එරෙහිව පවරා ඇති නඩුවේදී, සුචිර් බලාජී සතු දැනුම සහ තොරතුරු අතිශය වැදගත් සාක්ෂි බව, විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුචීර් බලාජීගේ මරණය සම්බන්ධයෙන් open AI සමාගමේ නිර්මාතෘ ඊලෝන් මස්ක් ද, එක්ස් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.

ජනපති අනුර පිලිගන්න ඉන්දියාවේ පාරවල් පුරා කරලා තියෙන දේ දැක්කද? - (PHOTOS)

ජනපති අනුර පිලිගන්න ඉන්දියාවේ පාරවල් පුරා කරලා තියෙන දේ දැක්කද? - (PHOTOS)