අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළ ය‍යි

Report

වර්තමානය වන විට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම පිළිබද සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරනු ලැබේ.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා ප්‍රකාශ කළේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවය.

එතුමා තවදුරටත් සඳහන් කළේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබා දීමේදී සිදුවන වංචා පිළිබදවද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බවයි.   

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට