මාරක අනතුරක් - ත්රීරෝද රථයක් ප්රපාතයකට
By Kanchana
හතරලියද්ද පොත්තපිටිය ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය සදහන් කළේ හතරලියද්ද දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එම අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා හතරලියද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබේ .
මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි හතරලියද්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි මේ සිද්ධිය සම්බන්ධයෙන් හතිරලියද්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .