පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුමකින් කොටු කර ගත් පුද්ගලයා ලග තිබුණු දේවල්..

By Piyumika Nov 05, 2024 01:58 AM GMT
Report

ඇඹිලිපිටිය, කොතලාවල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (04) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමකදී ගිවි අවි සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයෙක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්..

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී AK47 වර්ගයේ ගිනි අවියක්, පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, 7.62 පතරොම් 25 ක්, 9 mm පතරොම් 07 ක්, එම පතරොම් ගැබක්, AK47 පතරොම් බහාලන මැගසිනයක්, කඩු 02 ක් හා පිහියක් ඔහු සතුව තිබු බව පොලිසිය පවසනවා.

අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක්ම මැතිවරණ අත ඇරලා..

අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක්ම මැතිවරණ අත ඇරලා..

අත්අඩංගුවට ගත් ගිනි අවි හා තියුණු ආයුධ සමඟ සැකකරුවෙකු ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 59 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ආරක්ෂක හමුදා සාමාජිකයෙකු බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා මේ වගේ කෙනෙක් කියල දන්නවද..

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා මේ වගේ කෙනෙක් කියල දන්නවද..

සැකකරු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇත.