දකුණු කැලිෆෝනියාවේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිකට් තරඟ
By Hashini
2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් වෙනුවෙන් අවුරුදු 128කට පසුව ක්‍රිකට් තරගාවලියක් ඇතුලත් කර තිබෙනවා.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ එය දකුණු කැලිෆෝනියාවේ පැවැත්වීමටයි.
එය පන්දුවාර 20 තරඟාවලියක් ලෙස පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
කාන්තා සහ පිරිමි කණ්ඩායම් හයක් බැගින් එම තරඟාවලියට එක්වීමට නියමිතයි.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ජුනි මස 14 සිට 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔලිම්පික් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පොමෝනා හි ෆෙයාග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කර ඇත.