හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලුව අවසන් වන ලකුණු - ලෝක බොරතෙල් මිල පහළටම
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන ඇමරිකානු ඉරාන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇති බවයි.
එම ප්‍රකාශයත් සමඟ ගෝලීය බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75 දක්වාත් පහළ ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීම පිළිබඳ අපේක්ෂා ඉහළ යාම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ සැපයුම් අවදානම් පිළිබඳ තිබූ අවිනිශ්චිතාවය අඩු වී ඇති බවයි.