බයිට් කකා අරක්කු බීබී සැකකරුවකු සමග නිල කාමරයේ OIC

Report

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවකු සමග නිල කාමරයේදී මත්පැන් පානය කොට රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකුට බැණ තර්ජනය කර පහර දුන් බව කියන අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වන උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. කාවින්ද පියසේකර මහතා විසින් වැඩ තහනමට ලක්කොට තිබේ.

පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්...කොළඹ මහ නගර සභාවත් ඒ අතර

පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්...කොළඹ මහ නගර සභාවත් ඒ අතර

විෂ මත්ද්‍රව්‍යයක් වන හෑෂ් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් දෙවැනිදා අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු ප්‍රශ්න කිරීමට බව කියා එළියට ගෙන නිල කාමරයේ මේසය මත මත්පැන් සහ බයිට් තබාගෙන සැකකරු සමග මෙම නිලධාරීන් දෙදෙනා පැය දෙකහමාරක් මත්පැන් පානය කර ඇති බව පැවසේ.

රාත්‍රී කාර්යභාර නිලධාරියා වන පොලිස් සැරයන් බී.පී.එල්. ඉඳුනිල් (58481) මහතා ප්‍රශ්න කිරීම අවසන් නම් සැකකරු නැවත සිර මැදිරියට දැමීමට ලබා දෙන ලෙස ඉල්ලා සිටි විට බහින්බස් වී පොලිස් සැරයන්වරයාට පහර දී තිබේ.

මේ බව දැනගත් නිල නිවාසයේ සිටි පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණෙන විට උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා දෛනික විවේකය සටහන් කර බැහැරව ගොස් ඇති බව කියති.

බදු ගැන ට්‍රම්ප්ගේ අලුත් තීරණය

බදු ගැන ට්‍රම්ප්ගේ අලුත් තීරණය

මේ නිසා ඒ මොහොතේ එම නිලධාරීන්ගේ බීමත්කම පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත. පසුව පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ කටින් මත්පැන් ගඳ වහනය වන බවත් සහ පොලිස් කොස්තාපල්වරයා බීමත්ව සිටින බවට හෝ මත්පැන් ගඳ වහනය නොවන බවත් වෛද්‍යවරයකු විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

බිරිඳගේ අනියම් හාදකමක්.... පවුල් දෙකේම අය මරාගනී

බිරිඳගේ අනියම් හාදකමක්.... පවුල් දෙකේම අය මරාගනී

ආයතන සංග්‍රහයේ දෙවන කණ්ඩයේ XඛVIII වන පරිච්ඡේදයේ 31-01-05 යටතේ කියැවෙන රාජකාරී වෙලාව තුළ හෝ රජයේ කාර්යාලය තුළදී මත්පැන් පානය කිරීම, ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ නීත්‍යානුකූල නියෝග පැහැර හැරීමේ වරදට 2025.04.02 වැනිදා සිට ඔවුන් වැඩ තහනමට ලක් කරන බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. කාවින්ද පියසේකර මහතා විසින් සැකකරුවන්ට ලිඛිතව දැනුම් දී ඇත.