ඔක්තෝබර් 5 හෝ 12 ජනාධිපතිවරණය - අලි සබ්රි

Report

 අද (11 වැනිදා) විදේශ ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, ඔක්තෝබර් මස 5 වැනිදා හෝ 12 වැනිදා ජනාධිපතිවරණය බොහෝ විට පවත්වන බවයි.

එමෙන් ම, නිසි කලට ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පැවති සභාව කල් තැබීමේ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළ අතර කිසිසේත්ම එය ප්‍රමාද කිරීමට හේතුවක් නොමැති බව ද පැවසී ය.

දුම්රිය වර්ජනය තවදුරටත්...

දුම්රිය වර්ජනය තවදුරටත්...

තව ද, ඒ මහතා මෙසේ ද පැවසුවේ,

''ජනතාවගේ පරමාධිපත්‍ය බලය මැතිවරණවලදී පාවිච්චි කළ යුතුයි. මැතිවරණයක කාලය කෙටි කිරීමට අදාළව නඩු තීන්දු ගණනාවක් පවතින නමුත් කාලය දීර්ඝ කරන්න බැහැ. ඒකෙ කතා දෙකක් නැහැ. රට පාලනය කිරීම සඳහා වූ මහ මැතිවරණ 82 දී හැර අන් සියලු වසරවලදී නියමිත කාලයේ දී පවත්වා තිබෙනවා. 82 දී ඡන්දය කල් දැම්මේ ළාම්පු කළගෙඩි සෙල්ලමෙන්. හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහයි. ඊට වඩා අඩු කරන්නත් බැහැ. වැඩි කරන්නත් බැහැ.''