සා.පෙළ විභාගය ලියන්න යන දරුවන්ටයි උදේන්ම මේ විශේෂ දැනුම්දීම..

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

සා.පෙළ විභාගය ලියන්න යන දරුවන්ටයි උදේන්ම මේ විශේෂ දැනුම්දීම.. | O L Examnination 06Th May 2024

එම විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විශේෂ වෛද්‍ය උපදෙස් කිහිපයක් නිකුත්කර තිබෙනවා.

ඒ මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ය.

ඒ අනුව විභාගයට පෙනී සිටින සිසුන් දියරමය පානවර්ග ලබා ගැනීම සුදුසු බව මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ සඳහන් කර සිටියේ ය.

රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..

රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..


ඒ සඳහා වඩාත් උචිත පිරිසිදු පානිය ජලය බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, විභාගය සදහා යෑමේ දී හිරු එළියෙන් ආවරණය වීම සඳහා අවශ්‍ය කුඩයක් හෝ ඒ සඳහා සුදුසු දෙයක් භාවිතා කරන ලෙසත් ඔහු කියා සිටියේ ය.

තව ද, විභාගය අතරතුර ලැබෙන කාල සීමාව තුළ හිරු එළියට නිරාවරණය වීමට නොයා සිසිල් ස්ථානයක රැඳී සිටින ලෙසත් විදුලි පංකාවක් තිබේනම් එම විවේක කාලයේ දී ඒ අසල රැදී සිටීම සුදුසු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

මේ අතර, අදින් ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. 

ඒ සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙවර අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527ක දී අද පැවැත් වේ.

මේ 24 වෙනිදායින් පස්සේ බෑ - තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න.

මේ 24 වෙනිදායින් පස්සේ බෑ - තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න.


ඒ සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටිමට නියමිත ය.

කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරිම සඳහා සියලු කටයුතු සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.