කඩා වැටුණු ගුවන් යානයෙන් ජිවිත හානි නැහැ - සිවිල් ගුවන් සේවාවෙන් ප්‍රකාශයක් [PHOTOS]
By Ashfa
නුවරඑළිය, ග්‍රෙගරි විලෙහි සෙස්නා 208 කැරවාන් උභයජීවී ගුවන් යානය කඩා වැටීමෙන් කිසිදු මරණයක් සිදු වී නොමැත.
මේ පිලිබදව සිවිල් ගුවන් සේවාව විසින් නිකුත් කළ ප්‍රකාශය පහතින්,
සිනමන් එයාර් විසින් ක්‍රියාත්මක කරන ලද ලියාපදිංචි අංක 4R-CAE දරන සෙස්නා 208 කැරවාන් උභයජීවී ගුවන් යානයක් 2026 ජනවාරි 07 වන දින නුවරඑළියේ ග්‍රෙගරි විල වෙත ක්‍රියාත්මක වන අතරතුර අනතුරකට ලක්විය.
එහිදී යානයේ සිටි නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව බේරා ගන්නා ලද අතර කිසිදු මගියෙකු යානයේ සිටියේ නැත.
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) වහාම එම ස්ථානයට කණ්ඩායමක් යොදවා ඇත.

